බඩල්ගම ප්‍රදේශයේ ළිං එකවර සිඳෙයි

Thursday, 02 February 2017 - 14:36

%E0%B6%B6%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටාන බඩල්ගම ප්‍රදේශයේ නිවෙස්වල ඇති ළිං කිහිපයක් එකවර හිදී ගොස් ඇති බව ගම්වාසීන් පවසනවා.

මෙයට හේතුව වී ඇත්තේ අදාළ ප්‍රදේශයේ ඇති කාබන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් විසින් ඉදිකළ නළ ළිඳක් බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ ජල පෝෂක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මේවන විට නල ළිං කිහිපයක්ම ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජලය සිඳී යාමත් සමග කෝප වූ ගම්වාසීන් අදාළ කර්මාතශාලාවට ඊයේ (01) විරෝධය දක්වා තිබෙනවා.

මේ හේතුවෙන් අලුතින් ඉදිකිරීමට තිබූ නල ළිඳ තාවකාලිකව නවතා ඇති බවත් හෙට මේ සම්බන්ධයේ කර්මාත්ශාලාවේ පාලනාධිකාරිය සමග සාකච්ජා කරන බවත් ගම්වාසින් වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories