තාජුඩීන්ගේ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක්

Thursday, 02 February 2017 - 15:06

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ ඝාතනයට අදාළව නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අනුර බුද්ධදාස හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ දැනට සිදුකරන ලද විමර්ශනවලට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම, ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම පිළිබදව අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, දැනට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories