Update : වෛද්‍ය පීඨ සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

Thursday, 02 February 2017 - 16:09

Update+%3A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කර තිබු උද්ඝෝෂණයට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ කොටුව ලෝටස් වටරවුම අසලදීයි.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමේදීයි පොලිසිය මෙම ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කලේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කලේ කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටින්.

සිසුන් 3000 කට අධික පිරිසක් එක්ව සිටින මෙම පාගමන හේතුවෙන් අද දහවල් කොළඹ අවට මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ද පැවතුනා.

මේ අතර වෛද්‍ය පීඨ සිසුන් මෙම විරෝධතාවයේ නිරතවුයේ ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ද නිකුත්වී තිබු අවස්ථාවකයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුනේ අධිකරණ බල ප්‍රදේශය තුල පැවැත්වෙන පෙළපාලි / උද්ඝෝෂණ මහජනයාට හා වාහනවලට බාධාවක් / අනතුරක් හෝ කරදරයක් සිදුවන ආකාරයට ගමන් කිරීම හෝ පවත්වාගෙන යාමෙන් වැලකී සිටිය යුතු බවටයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබීම පිළිබඳ කොටුව පොලිසිය අධිකරණයට කල දැනුම්දීමකින් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඒ අනුව මෙම තහනම් නියෝගය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මංගල මද්දුමගේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුලු වගඋත්තරකරුවන් 13 වෙත නියෝග කර තිබුනා. 

update : Thursday, 02 February 2017 - 16.09


-----------------------------------------------------------------

වෛද්‍ය පීඨ සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වනවිට කොටුව දෙසට ගමන් කරමින් තිබෙනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටිනුයි.

සිසුන් 3000 කට අධික පිරිසක් එක්ව සිටින මෙම පාගමන හේතුවෙන්  ඕල්කට් මාවතේ, කොළඹින් පිටවන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories