නීතිවිරෝධී ලෙස සතුන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලයි

Thursday, 02 February 2017 - 16:56

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් බෝකර අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වනජිවි හදිසි වැටලීම් ඒකකය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් රාජගිරිය - ඔබේසේකර ප්‍රදේශයේදී නිවසක් තුළ මෙම ජාවාරම පවත්වාගෙන ගිය බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී වනජීවි භාරයට ගත් පක්ෂීන් අතර පඩු ගිරවුන් 2 දෙනෙකු, අලූ ගිරවුන් 10 දෙනෙකු, ගල් ඉබ්බන් 2 දෙදෙනෙකු සහ වලිකුකුළන් 4 දෙනෙකු ද ඇතුළත්.

සැකකරු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වනජිවි හදිසි වැටලීම් ඒකකය සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories