වෛද්‍ය පීඨ සිසුන්ට යළිත් ජල සහ කදුළු ගෑස් - සිසුන් 12 දෙනෙකුත් අත්අඩංගුවට

Thursday, 02 February 2017 - 18:06

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (02) දියත් කළ විරෝධතා පාගමනට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, විරෝධතාකරුවන් කොළඹ - කොටුව ලෝටස් මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑමට උත්සාහ කිරීමත් සමඟයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කළ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි මෙම පාගමන ආරම්භ වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිටින්.

ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන සරසවි සිසුන්ද එක්ව සිටියා.

මේ අතර, විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලිසිය අද (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබුණේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ අරමුණින්.

නමුත්, එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක දැනුම් දුන්නේ දැනුම් දුන්නේ උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ අයිතිවාසිකමක් බැවින් එය වළක්වාලමින් නියෝගයක් නිකුත් නොකරන බවයි.

එමෙන්ම, විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝග ලබාගැනීමට පැමිණීම විහිළුවක් බවත්, එය මේ වනවිට මෝස්තරයක් බවට පත්ව ඇති බවත්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, අදාළ උද්ඝෝෂණය මහජනතාවට පීඩාවක් වන්නේ නම් එය වැළැක්වීම සඳහා පමණක් නියත ආඥවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක පියවර ගත්තා.

පුංචි බොරැල්ලෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන පී. ද එස්. කුලරත්න මාවත ඔස්සේ ටෙක්නිකල් මංසන්ධියට පැමිණ  ඕල්කට් මාවත හරහා කොළඹ කොටුවට ළඟා වුණා.

විරෝධතාකරුවන් කොළඹ - කොටුව දෙසින් ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයට පිවිසීමත් සමඟ පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ලබාගත් අධිකරණ නියෝගය විරෝධතාවට එක්ව සිටි පිරිසට ඇසෙන පරිදි දැනුම් දුන්නා.

ලෝටස් මාර්ගය, මාර්ග බාධක යොදා වසා දමා තිබූ අතර, සිසුන් එහිදී එම මාර්ග බාධක නොතකමින් ඉදිරියට යෑමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඉන් අනතුරුවයි  පොලිසිය විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ.

කෙසේ වෙතත්, අවස්ථා කිහිපයකදී පොලිසියට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර විරෝධතාකරුවන්ට එල්ල කරන්නට සිදු වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ, විරෝධතාකරුවන් එම ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව යළිත් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීම හේතුවෙන්.

මෙහිදී විරෝධතාවට එක්ව සිටි සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ.

මේ අතර, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු පිරිසක් හමුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories