ඝාතන ඇතුළු මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ "බයිලා" අත්අඩංගුවට (ඡායාරූප)

Friday, 03 February 2017 - 7:09

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%22%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%22+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හෝමාගම - දුම්රියපල මාර්ගයේදී පසුගිය 18 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ටී-56 ගිනි අවියක්, උණ්ඩ 52 ක්, මැගසින් දෙකක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 08 ක් මෙන්ම ඝාතනයට යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන 28 හැවිරිදි උඩුපිල - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා රුමක්ෂ ඉරේෂ් නවගමුව හෙවත් බයිලා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන බවයි පොලිසිය කියා සිටියේ.

මොහු විසින්ම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, මොහු ප්‍රදේශයේ සිදුවු තවත් මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එදින යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇති අතර, ඔහුගේ අවශ්‍යතාව මතයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

30 හැවිරිදි මෙම සැකකරු පසුගිය 18 වනදා ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවස ආසන්නයේම පදිංචිකරුවෙක් වීමද විශේෂත්වයක්.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ අතර, එහිදී වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මීගොඩ - ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

හෝමාගම අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට නැවත පැමිණෙමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

මේ අතර මොනරාගල -  බිබිල - කූරගම්මන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 60 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories