වෛද්‍ය වර්ජනය ඇරඹේ

Friday, 03 February 2017 - 7:47

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කෙරුණා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අත්‍යාවශ්‍ය සේවා හැරෙන්නට අනෙකුත් සේවාවලින් තම සංගමය ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දියත් කළ විරෝධතා පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කිරීම සදහායි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව, අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories