මත්පැන් පරීක්ෂාවෙන් අසමත් ඉන්දීය ගුවන් නියමුවරියකට මාස 3 ක තහංචියක්

Friday, 03 February 2017 - 9:03

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3+%E0%B6%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය රජයට අයත් එයාර් ඉන්දියා ගුවන් සේවයේ ගුවන් යානයක නියමුවරියක් මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වීම නිසා මාස 3 කට ඇගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඇය සමග කාර්ය මණ්ඩලයේ තවත් අයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

නවදිල්ලි අගනුවර සිට රාජ්කොට් බලා යාමට නියමිතව තිබූ ගුවන් යානයක නියමුවරියක් මෙලෙස මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව සදහන්.

ගුවන් නියමුවන්ගේ රෙගුලාසිවලට අනුව ගුවන් යානයක් පැදවීමට පැය 12 ක කාලයක් ඇතුළත මත්පැන් පානය කිරීම තහනම් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories