සරත් කුමාර ගුණරත්නගේ බෑනාට ඇප

Friday, 03 February 2017 - 10:46

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගේ බෑනනුවන් වන උපුල් චමින්ද කුමාරසිංහට ඇප ලබාදී තිබෙනවා.

රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළේ.

එමෙන්ම, සෑම ඉරුදිනකම උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කර ඇති අතර, මෙම නඩුව මාර්තු 10 වනදා යළි කැදවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories