මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු හොරණදී වෙඩි තබා ඝාතනය කෙරේ

Friday, 03 February 2017 - 12:19

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ හොරණ - ඉලිඹ මංසන්ධියේ අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පාදුක්ක නගරයේ පිහිටි මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ ඉංගිරිය - ඇදුරගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එක්දරු පියෙක්.

මොහු නිවසේ සිට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අදාළ මංසන්ධියේ රිය අනතුරක් ද සිදුවූ අතර මාර්ගයේ වාහන තදබදයක් ද හට ගැණුනා.

ඒ අවස්ථාවේ මෝටර් රථය ලූහුබැද පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදිය මාර්ගයේ නවත්වා බැස වෙඩි තැබීම සිදුකර ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.

වෙඩි තැබීම සදහා ටී 56 වර්ගයේ සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි යොදා ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එම අවස්ථාවේ අනතුර සිදුවූ ස්ථානයට පැමිණි අසල වෙළදසැලක සිටි සේවකයෙකු ද වෙඩි වැදීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී ඇති අතර, ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි හොරණ පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories