පාකිස්ථානයේ චීන ආයෝජන ඉහළ යයි

Friday, 03 February 2017 - 13:04

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
‘‘එක් දාමයක් - එක් මගක්’’ යන තේමාව යටතේ නව ගොඩබිම් සහ මුහුදු සේද මාර්ග නිමවමින් සිටින චීනය, පාකිස්ථානයේ සිය ආයෝජන කැපී පෙනෙන ලෙස ඉහළ නංවා තිබෙනවා.

නව වෙළද මග ඔස්සේ පාකිස්ථානයේ ඩොලර් බිලියන 57 ක් ආයෝජනය කිරීමටයි චීනය සැලසුම් කර ඇත්තේ.

චීනයේ සිට ගොඩබිම් සේද මාර්ගය අරාබි මුහුදට පිවිසෙන්නේ චීනය එහි සංවර්ධනය කළ ගෞධාර් වරාය ඔස්සේයි.

ඊට අමතරව චීනය පසුගියදා පාකිස්ථාන කොටස් වෙළදපොලේ බහුතර අයිතිය හිමිකර ගත් අතර, එරට විශාලතම විදුලි නිෂ්පාදකයා වන කේ.ඉලෙක්ටි‍්‍රක් සමාගමේ බහුතර කොටස් ද හිමිකර ගත්තා.

එමෙන්ම, පාකිස්ථානයේ සිමෙන්ති, වානේ, බලශක්ති සහ ඇඟලූම් ක්ෂේත්‍රවල තවත් ආයෝජන සිදුකිරීමට චීනය සූදානම්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories