වගකීම් ඉටු කිරීමේදී දැනුමට ප්‍රමුඛතාවය - ජනපති

Friday, 03 February 2017 - 13:42

%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද අමාත්‍යාංශයක් ඇති කොට එය රාජ්‍ය නායකයා වෙත පවරා ඇත්තේ සියල්ලන්ටම සමානාත්මතාව ක්‍රියාත්මක කිරිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලවේ අද (03) උදෑසන පැවති සර්ව ආගමික දහම්පාසල් කතිකාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දරුවන්ට සහ සමාජයට දැනුම ලබාදීම සඳහා වගකීම ඉටු කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙම අවස්ථාවට එක්වු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියා සිටියේ වසර 70 කට අධික කාලයක් අයිතිවාසිකම් තහවුරු නොවූ සුළු ජනකොටස්වලට ඒ පිලිබඳව සහතිකයක් ලබාදීම අවශ්‍ය බවයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කළ යුතු බව පෙන්වා දුන් ඇය නව ව්‍යවස්ථාව හරහා එම කටයුතු අත්‍යාවශ්‍ය ලෙස සිදුවිය යුතු බවයි සඳහන් කළේ.

ඒ සඳහා අභියෝග රාශියක් පවතින බව ද ඇය කියා සිටියා.  








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories