වැඩි මිළට සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීමට නියෝග

Friday, 03 February 2017 - 13:57

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
වැඩි මිළට සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කල බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

අද කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ සහල් ආනයනය බදු අඩු කිරීම හේතුවෙන් සහල් කිලෝවක් රුපියල් 66 ක මුදලකට අලෙවි කල හැකි බවයි.

පාලන මිළක් නියමකර තිබියදීත් වෙළඳුන් කිසිවකු එම මිළට සහල් අලෙවි නොකරන බව ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කලා.

සහල් තොග සගවා කෘතිම ලෙස මිළ ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නම් සහල් තොග ආනයනය කිරීමට කටයුතු තරන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම සහල් වැඩි මිළට අලෙවි කරන වෙළඳ සැල් සහ ගබඩා පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික අධිකාරියට නියෝග කල බව ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories