ටෙන්ඩර් පටිපාටිය විනිවිදභාවයෙන් පවත්වා ගන්න - යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Friday, 03 February 2017 - 15:10

%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මෙරට ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුක්තව පවත්වා ගත යුතු බව යුරෝපා සංගමය අවධාරණය කරනවා.

එමගින් යුරෝපීය සමාගම්වලට ද මෙරට රජයේ ටෙන්ඩර් සඳහා අයදුම්කළ හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරින් හමුවූ අවස්ථාවේදීයි.

යුරෝපා සංගම් නියෝජිත පිරිස සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ද මුණ ගැසී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම පිළිබඳව මෙන්ම, ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී යුරෝපා සංගම් නියෝජිතයින්ට ස්තූතිය පළ කළ බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories