අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගත් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Saturday, 04 February 2017 - 14:58

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු අද දහවල් මෙලෙස කොල්ලූපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වයස අවුරුදු 36 ක් වන මෙම පුද්ගලයා ඉන්දියාවේ - තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට වැල්ලවත්ත ප්‍රදේශයේ රැදී සිටින පුද්ගලයෙක්.

ඔහු නීත්‍යානුකූලව මෙරට රැදී සිටින බව සදහන්. සැකකරු තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories