කැනඩාවේ චිත්‍රපට නිෂ්පාදකයෙකුගේ මළ සිරුරක් ෆ්ලොරිඩාවෙන් හමුවේ

Saturday, 04 February 2017 - 16:08

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අතුරුදන්ව සිටි කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ මළ සිරුරක් ඇමරිකාවේ ෆ්ලොරිඩා මුහුදු පතුලේ තිබී සොයා ගෙන තිබෙනවා.

පසුගිය මස 31 වනදා මොහු ෆ්ලොරිඩා මුහුදු තීරයේ කිමිදෙමින් සිටින අතරතුර, අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ සිරුර සොයා වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් මෙහෙයුම් දියත් කර තිබූ අතර, අද දිනයේදී ඔහුගේ මළ සිරුර ෆ්ලොරීඩා මුහුදු පතුලේ අඩි 220ක් ගැඹුරේ තිබී සොයා ගෙන තිබෙනවා.

37 හැවිරිදි රොබ් ස්ටුවට් නමැති මෙම චිත්‍රපට නිෂ්පාදකවරයා කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories