රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමේ

Saturday, 04 February 2017 - 16:16

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B6%A9%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
සිසුන් පිරිසක් සහ ගම්වාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාතර පිහිටි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව එම පරිශ්‍රයේ පිහිටි පීඨ 5 ම වසා දැමෙන බවයි.

ඇති වූ තත්ත්වය සමනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර, කළමනාකරණ, විද්‍යා සහ ධීවර සහ නාවික විද්‍යා පීඨ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා තිබෙනවා.

සිසුන්ට අද (04) පස්වරුවේම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස ද පාලනාධිකාරිය දැනුම්දී ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories