GMOA සහ JVP අතර එකඟතාවක්

Monday, 06 February 2017 - 13:08

GMOA+%E0%B7%83%E0%B7%84+JVP+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ  එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී එහි නායකයන් හමුවූ අවස්ථාවේදියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ඇතුලු පිරිසක් එක්ව සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක සහ බිමල් රත්නායක යන මන්ත්‍රිවරුන් එක්ව සිටියා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories