විමල්ගේ නඩුවේදී අධිකරණයට අපහාස කළ පුද්ගලයා වරද පිළිගනී

Tuesday, 07 February 2017 - 12:28

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අධිකරණයට අපහාස වන ලෙස හැසිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ආධාරකරුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කළා.

ඔහුට වසර එක හමාරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එය වසර 7කට අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම රුපියල් දහසක දඩයක් ද විනිසුරුවරිය සැකකරුට නියම කර තිබෙනවා.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණයට ඉදිරිපත් කෙරුණු පසුගිය 24 වන දා මෙම පුද්ගලයා විනිසුරුවරිය වෙත ඇඟිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු  මාරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද අත්අඩංගුවට ගෙන මීළඟ නඩු වාරයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත එම පුද්ගලයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

අද මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසයි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories