සයිටම් ප්‍රධානියාට වෙඩි තබා ඇත්තේ ඝාතනය කිරීමේ අරමුණින් - පොලීසිය,සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් - සයිටම් විරෝධීන්

Tuesday, 07 February 2017 - 13:19

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ඝාතනය කිරීමේ අරමුණින්ම ඔහුට වෙඩි තබා ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

එමගින් ප්‍රකාශ කළේ  වෛද්‍යවරයා ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා අද උදෑසන රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.30ට පමණ වෛද්‍ය සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට දීයි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් යතුරුපැදියෙන් පැමිණ ඇත්තේ මුළුමනින්ම මුහුණ ආවරණය කර ගත් හෙල්මට් පැළඳගෙන වීම ද විශේෂත්වයක්.

මෙම වෙඩි තැබීම වෛද්‍ය විද්‍යාලය ඉදිරිපස සවි කර තිබූ  සී.සි.ටී.වී. කැමරා පද්ධතිවල සටහන් වී නොමැති අතර, වෙඩි තැබීම කැමරා පද්ධතියෙන් පිටත ආවරණ කලාපයක සිදුවීම ඊට හේතුවයි.

කෙසේ නමුත්, වෛද්‍ය විද්‍යාලය ආසන්නයේ ඇති නිවාස කිහිපයක සවි කර ඇති සී.සි.ටී.වී. කැමරා පද්ධති පිරික්සන බවයි මුල්ලේරියාව පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් වෙඩි ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ එහි කැදවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ මෙය සයිටම් විරෝධී සටන දියාරු කිරීම සඳහා ආණ්ඩුව සිදුකළ සැලසුමක ප්‍රතිඵලයක් බවයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මුණ ගැසී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියා සිටියේ මෙම සිද්ධිය ආණ්ඩුව සහ සයිටම් වෛද්‍ය විද්‍යාලය එක්ව සිදුකළ රංගනයක් බවයි.

සයිටම් වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් දැක්වූ අදහස් පහතින්.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories