ජගුවර් හා ලැන්ඩ් රෝවර් සමාගම්වල මිලියන 3 කට අධික සොරකමක්

Tuesday, 07 February 2017 - 16:59

%E0%B6%A2%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සුප්‍රකට මෝටර් රථ සමාගම් දෙකක් වන ජගුවර් හා ලැන්ඩ් රෝවර් සමාගම් හී සොරකමක් සිදුව තිබෙනවා.

එංගලන්තයේ Solihull හී පිහිටි නිෂ්පාදනාගාරවල මෙය සිදුව අැති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

එහිදී සොරුන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.75 ක් වටිනා මෝටර් රථ අමතර කොටස් හා උපකරණ සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සූක්ෂමව විනාඩි 6ක් වැනි කාලයකින් මෙම සොරකම සිදුකර ඇති බව සඳහන්.

සොරකම සිදුකිරීමට ගෙන ආ රථය අතහැර දමාගොස් තිබියදී එංගලන්ත පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

එංගලන්ත පොලීසිය සොරකමෙහි CCTV දර්ශන විමර්ශනය කරන අතර ඔවුන් ඒවා මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසු දිනද නැවතත් මෙම සමාගමේ සොරකමක් සිදුවී ඇති බවයි.

මෙම සමාගම් දෙකම පිහිටා තිබෙන්නේ එකම ගොඩනැගිල්ලේ බවයි සඳහන් වන්නේ.

පෙරදින පැමිණි සොරුන් නැවත පැමිණ මෙය සිදුකළ බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සොරකම සම්බන්ධව තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට ජගුවර් හා ලැන්ඩ් රෝවර් සමාගම් විසින් වටිනා ත්‍යාගයක් ලබාදීමට ඉදිරිපත්වී සිටින බවයි විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories