දඹුල්ල ක්‍රීඩාංගණයේ සේවකයන් තවමත් වහල උඩ (ඡායාරූප)

Wednesday, 08 February 2017 - 7:38

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%BD+%E0%B6%8B%E0%B6%A9+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කම්කරුවන් පිරිසක් ක්‍රීඩාගාරයේ වහලය මත නැගී ඊයේ ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

උපවාසයට එක්ව සිටින විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලිඛිතව ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් තමන් තවදුරටත් උපවාසයේ නිරතවන බවයි.

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 11 දෙනෙකු උපවාසයට එක්ව සිටින අතර ඔවුන් ප්‍රකාශ කළේ වසර 10ක කාලයක් සේවය කල තමන් මෙතෙක් සේවයේ ස්ථිර කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැති බවයි.



ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories