පළාත් පාලන ආයතන බලතල කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට

Wednesday, 08 February 2017 - 7:51

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1985 වසරේදී පළාත්පාලන ආයතන වෙත පවරන ලද බලතලවලින් කොටසක් නැවත පවරාගෙන තිබෙනවා.

ඒ අනුව මේ මස පළමුවනදා සිට සියලුම සංවර්ධන සැළසුම් සඳහා වන මූලික ක්‍රමවේද නිරාකරණය කිරීම, සංවර්ධන කටයුතු සඳහා අයදුම්පත් භාරගැනීම, අදාළ ගාස්තු අනුමත කිරීම, බලපත්‍ර ලබාදීම මෙලෙස පළාත් සභාවලින් යළිත් පවරාගෙන ඇති බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති  ආචාර්ය ජගත් මුණසිංහ කියා සිටියේ.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙම කටයුතු කරගෙන යාමේදී පළාත්පාලන ආයතන භාවිත කරන තාක්ෂණ ක්‍රම ඉතාමත් යල් පැන ගොස් තිබීම හේතුවෙන් සැළසුම් අනුමත කිරීමට කල් ගත වීම මෙම පවරා ගැනීමට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ තමන් මෙම තීරණයට විරෝධය පළ කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories