මවක් සිය ආබාධිත දරුවා අතහැර යයි (ඡායාරූප)

Wednesday, 08 February 2017 - 15:11

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම ආබාධිත දරුවා නිවසේ තනි කර දමා ගිය මවක් පිලිබඳ පුවතක් අරලගංවිල ජයමුතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවාගේ මිත්තණිය සඳහන් කළේ මෙම ආබාධිත දරුවා වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවන නිසා දරුවාගේ මව මෙම තීරණය ගෙන ඇති බවයි.

21 හැවිරිදි මෙම කාන්තාව මීට පෙර අවස්ථාවකදී ද  මෙලෙස දරුවා නිවසේ තනිකර දමා ගොස් තිබු බව සඳහන්.
 
2015 වසරේ මැයි මාසයේදී කුඩා බයිසිකලයකින් ඇද වැටීමෙන් මෙම දරුවා ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහු මේ වන විට පියා සහ මිත්තණිය භාරයේ පසුවන අතර මිත්තණිය කියා සිටියේ දරුවාගේ මෙම ආබාධිත තත්ත්වය සුවකළ නොහැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේවෙතත් දරුවාගේ මිත්තණිය දැඩි අසීරුතාවකින් යුතුව මෙම ආබාධිත දරුවා වෙනුවෙන් කටයුතු කරන බව අප වාර්තාකරු සදහන් කළා.



ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories