සයිටම් උණුසුම මැද කොතලාවල වෛද්‍ය පීඨය ගැනත් තොරතුරු

Wednesday, 08 February 2017 - 18:44

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ඉදිරියේදී කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද යළි අවධාරණය කළා.  

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම මාධ්‍ය හමුවට අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන සමයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අමාත්‍ය එස්.බී. දිසානායකද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැනට ලේඛකාධිකාරී ලෙස කටයුතු කරන වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ බවයි.

එමෙන්ම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවසරය හිමිවූ ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ

හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ වෙනම පනතක් මගින් කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයට උපාධි ප්‍රධානය කිරිම සඳහා අවසර ලබා ගත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories