කථානායක අසුන පෙරලෙයි

Thursday, 09 February 2017 - 17:22

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද පාර්ලිමේන්තුවේදී කථානායක අසුන පෙරලී ගොස් තිබෙනවා.

ඒ මුලාසනයේ සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මුලාසනයෙන් ඉවත්වී නිදහස් සන්ධාන මන්ත්‍රී ශෙහාන් සේමසිංහට අසුන භාරදීමට සුදානම්වන අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේයි.

ඔහු කියාසිටියේ කථානායක අසුන පෙරලීම අසුබ ලකුණක් බවයි.

කෙසේවෙතත් පෙරලුනු කථානායක අසුන, මුලසුනට පැමිණි ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා විසින් යළි සකස් කර සභාවේ කටයුතු පවත්වාගෙන යනු ලැබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories