වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් චීනයේ රෝගීන් 5 කට ඒඩ්ස් ආසාධනය වෙයි

Friday, 10 February 2017 - 10:05

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5 දෙනෙකුට ඒඩ්ස් වෛරසය ආසාධනය වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ චීනයේ දැඩි මතවාදයක් නිර්මාණය වෙමින් පවතින බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

එච් අයි වී ආසාධිත රෝගියකු සඳහා භාවිත කල වෛද්‍ය උපකරණ වෛද්‍ය තාක්ෂණවේදියකු විසින් වෙනත් රෝගීන් පිරිසක් වෙනුවෙන් යොදාගැනීම හේතුවෙන් ඔවුන්ට වෛරසය ආසාධනය වී ඇතැයි සඳහන්.

මෙය වෛද්‍ය ක්‍රියා පටිපාටිය දැඩිව උල්ලංඝණය කිරීමක් බව චීනයේ සෞඛ්‍ය සහ පවුල් සැලසුම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙනවා.

වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5 දෙනෙකුට ඒඩ්ස් වෛරසය ආසාධනය වී ඇතැයි අදාළ රෝහල තහවුරු කර ඇති අතර තවත් රෝගීන් වෙනුවෙන් අදාළ වෛද්‍ය උපකරණ භාවිත කර ඇත්දැයි ඔවුන් හෙළි කර නැහැ.

එමෙන්ම වෛරසය ආසාධනය වු රෝගීන්ගේ අනන්‍යතාව ද හෙළිවී නොමැති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

මෙම සිද්ධියෙන් පසු අදාළ රෝහලේ වෙබ් අඩවිය ද අත්හිටුවා තිබෙනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් රෝහලෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි බවටයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories