වැලිගම නිවාඩු නිකේතනයක සැඟවූ බලපත්‍ර රහිත මත්පැන් අත්අඩංගුවට

Friday, 10 February 2017 - 10:49

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර - වැලිගම - මිරිස්ස ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක බලපත්‍ර රහිතව සඟවා තිබූ මත්පැන් බෝතල් 600 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් තොගය සහ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිගම ප්‍රදේශයේම තවත් නිවාඩු නිකේතනයක බලපත්‍ර නොමැතිව සගවා තිබූ මත්පැන් බෝතල් 200 ක් සමග සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගත්තා.

අදාළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 90,000 ක දඩමුදලක් නියම කළ බවයි කොළඹ සුරාබදු මෙහෙයුම් ඒකකය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories