කුරුවිට අනතුරකින් තුන්මස් බිළිඳියක් මරුට

Friday, 10 February 2017 - 12:40

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - මඩකලපුව මාර්ගයේ කුරුවිට - කිලෝමීටර් 88, 89 කණුව ආසන්නයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් මාස 3 ක් පමණ වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථයල කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ත්‍රිරෝද රථයේ පිටුපස සිටි කුඩා දැරිය මාර්ගයෙන් ඉවතට විසිවී තුවාල සිදුවීම හේතුවෙනුයි ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ගම්පහ සහ අනුරාධපුර - නොච්චියාගම යන ප්‍රදේශවල ඊයේ (09) සිදුවූ රිය අනතුරුවලින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories