බිබිලේ පැතිරුණු එච්.වන්.එන්.වන්. රෝගය පාලනය කෙරේ

Saturday, 11 February 2017 - 12:09

%E0%B6%B6%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බිබිල ප්‍රදේශයේ පැතිර ගිය ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන් රෝගය පාලනය කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලූ ඖෂධ සහ උපදෙස් කඩිනමින් ලබාදුන් බවයි.

ගැබිණි මව්වරුන් කිහිප දෙනෙකු ඇතුළු රෝගීන් 30 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදේශයෙන් වාර්තාවූ අතර, ඔවුන් බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ ඔවුන් සියලූදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

මේ අතර සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යන බැතිමතුන් එම රටෙහි පැතිර යන මොළේ උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය එන්නත් ලබාගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories