ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Saturday, 11 February 2017 - 16:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය සදහන් කළේ මෙලෙස ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුපිටිය, මොරටුව සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටියදී හදිසි රෝගාබාධවලට ලක්වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වනවිට ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මස්කෙළිය රෝහලට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී පාදය අවට ප්‍රදේශයේ අලූයම් කාලයේදී මේ දිනවල අධික ශීත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් මොවුන් මෙලෙස රෝගාබාධවලට ලක්වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories