වරකාපොළ තරුණයා ඝාතනයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

Saturday, 11 February 2017 - 21:53

%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඝාතනය කර වරකාපොල ඇත්නාවල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු පොලිසිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සැකකරුවන් කෑගල්ල, යට්ටෝගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී.

මුහුණ වසා දෙඅත් බැඳ දමා වරකාපොල ඇත්නාවල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගත් පුද්ගල මළ සිරුර පොලිසියට හමු වූයේ ඊයේ පෙරවරුවේයි.

වරකාපොල ඇත්නාවල ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය ඊයේ පෙරවරුවේ සොයාගත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද  තොරතුරකට අනුවයි.

සොයාගන්නා අවස්ථාවේදී මළ සිරුරේ මුහුණද වසා දෙඅත් ද බැඳ දමා තිබුණා.

ඊට අමතරව ඒ අසළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැකකළ හැකි ගමන් මල්ලක් ද පොලිසියට හමුවුණා.

වරකාපොල පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා පස්යාල ප්‍රදේශයේදී ඝාතනය කර පසුව මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවටයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පස්යාල ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක සේවකයෙක්.

ඔහු පසුගිය 9 වැනිදා රාත්‍රියේ සති අන්ත නිවාඩු ලබා නිවස බලා යාමට පස්යාල මංසන්ධිය දෙසට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ සිදු වූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටි කණ්ඩායමක් මෙම පුද්ගලයාව සැකකර පහර දී ඇති බවයි.

එම පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඝාතනයට ලක්ව ඇති අතර පසුව මළ සිරුර වරකාපොල ප්‍රදේශයේ දමා ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන සිටි අතර ඔවුන් ප්‍රදේශය අත්හැර පළා ගොස් සිටි බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙනරත්ගම, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි චින්තක කැළුම් අලුගොල්ල නම් 32 හැවිරිදි අවිවාහකයෙක්.

එක් සැකකරුවෙකුගේ බිරිඳට ලැබුණු කෙටි පණිවුඩයක් ඔස්සේ විමර්ශනය කළ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාත්‍රි 9 ට පමණයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සඳහා යට්ටෝගොඩ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණා.

සැකකරුවන් පස්යාල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අලෙවි කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories