මුස්ලිම් කොංග්‍රසයට නව මහලේකම් කෙනෙක් - සභාපති ධුරය තවමත් හිස්

Sunday, 12 February 2017 - 15:53

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව මහලේකම්වරයා ලෙස අග්නිදිග විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයෙකු වන මන්සූර් ඒ. කාදර් පත් කරගෙන තිබෙනවා.

ඒ, කොළඹ අද පැවැති මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේදියි. පක්ෂ නායක, අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී පක්ෂ සභාපති ධුරයට කිසිවෙකු පත් කෙරුණේ නැහැ.

මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධුරයේ මීට පෙර කටයුතු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි විසින්.

ඔහු එම තනතුරේ සිටියදී පක්ෂයට තවත් ලේකම්වරයෙකු ලෙස මන්සූර් ඒ. කාදර් පත් කිරීමට එහි උත්තරීතර මණ්ඩලය තීරණය කිරීමත් සමඟ මහලේකම් ධුරය පිළිබඳ මතුවුණේ අර්බුදකාරී තත්ත්වයක්.

කෙසේ වෙතත්, ඊයේ මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානය වන දරුසලාම් හිදී පක්ෂයේ අනිවාර්ය උත්තරීතර මණ්ඩල රැස්වීමක් පවත්වනු ලැබුවා.

එහිදී 17 වන වරටත් පක්ෂයේ නායකයා ලෙස අමාත්‍ය රවුෆ් හකීම්ගේ නම යෝජනා කෙරුණා.

මහලේකම් ධූරයට මන්සූර් ඒ. කාදර්ගේ නම යෝජනා කෙරුණු අතර, පක්ෂ සභාපති ධුරයට යෝජනා කෙරුණේ හිටපු මහලේකම් හසන් අලිගේ නමයි.

එහෙත් එය භාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මුස්ලිම් කොංග්‍රසයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගු දාවුද් කටයුතු කළ අතර, ඔහුගේ සභාපති ධුරය සහ උත්තරීතර මණ්ඩල සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණේ පක්ෂ විනය කඩ කිරීමේ චෝදනා මතයි.

කෙසේ වෙතත්, අද පැවති 27 වන නියෝජිත සමුළුවට හිටපු මහලේකම් හසන් අලි මෙන්ම හිටපු සභාපති බෂීර් සේගු දාවුද් සහභාගි වී සිටියේ නැහැ.

එහිදී සභාපති ධුරය හැර අනෙකුත් තනතුරු සඳහා යෝජනා කර තිබූ සාමාජිකයින්ගේ නම් සඳහා අනුමැතිය හිමි වුණා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්විය යුතු බව ද මුස්ලිම් කොංග්‍රස් නායකයා තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories