විදුලිබල ඇමති ජනතා විරෝධය මත ව්‍යාපෘතියක් අත්හිටුවයි

Monday, 13 February 2017 - 8:16

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජනතා විරෝධය මැද කුරුණෑගල - මාවතගම - පිටියකන්දවත්ත ප්‍රදේශයේ යෝජිත ජෛව ස්කන්ධ සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව නවතා දැමීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තීරණය කළා.

ඊයේ පෙරවරුවේ මෙම මධ්‍යස්ථානයට මුල්ගල තැබීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් අදාළ ව්‍යාපෘතියට සිය විරෝධය පළ කළේ මෙමඟින් පරිසර හානියක් සිදුවන බව පවසමින්ග ඔවුන් තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරමින් ලිපියක්ද අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.  

පසුව අමාත්‍යවරයා උත්සව භූමියට පිවිස අදාළ ව්‍යාපෘතියේ  සමරු ඵලකය ද විවෘත කර ඇති අතර එම අවස්ථාව වනවිට එහි කිසිවෙකුත් නොසිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටතට ගොස් විරෝධතාවයේ නිරත ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන බව ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories