හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලැබූ අලි පැටවා සුව අතට

Monday, 13 February 2017 - 8:34

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%83%E0%B7%8A++%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලැබූ අලි පැටවා ඉදිරියේදී පින්නවල අලි අනාථාගාරයට භාරදීමට නියමිත බව පොළොන්නරුව - ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය පවසනවා.

මීට දින පහකට පෙර මෙම අලි පැටවා හමුවී ඇත්තේ අනුරාධපුරය - මහදිවුල්වැව ප්‍රදේශයෙන්.

දඩයක්කරුවන් විසින් අටවන ලද හක්කපටස් ආහාරයට ගැනීම නිසා 5 හැවිරිදි අලි පැටවාගේ දිවේ ඉදිරිපස කොටසක් අහිමිවී ඇති බව පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර ප්‍රකාශ කළා.

මේ වනවිට මෙම අලි පැටවා පොළොන්නරුව - ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම සත්වයා සුවය ලබමින් සිටින බවද වාර්තාවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories