වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Monday, 13 February 2017 - 12:59

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව පෞද්ගලික වෛද්‍ය විරෝධී මධ්‍යස්ථානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සායනික පුහුණුව ප්‍රමාණවත් ලෙස ලබා නොමැති පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමේ සූදානමක් පවතින බවයි ඔවුන් එම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ එසේ වුවහොත් එය රෝගී ජනතාවගේ මානව හිමිකම් කඩ වීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කළ බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ සඳහන් කළා.
 
මේ අතර ගුරු සංගම් කිහිපයක් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් පළ කළාග එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories