ඇඹිලිපිටියේ සහ දඹුල්ලේ විරෝධතා (ඡායාරූප)

Monday, 13 February 2017 - 13:23

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නියඟය හේතුවෙන් මහ කන්නයේ වගාවන්ට සිදු වූ හානියට වන්දි ඉල්ලා ගොවීන් පිරිසක් ඇඹිලිපිිටිය නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් එහිදී ඉල්ලා සිටියේ මහ කන්නයේ පාඩුව පියවාගැනීම සඳහා අක්කරයකට රුපියල් 50 000 බැගින් වූ වන්දි මුදල් ලබාදෙන ලෙසයි.

වළව කලාපය නියෝජනය කරමින් හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ගොවීන් දහසකට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.   

මේ අතර දඹුල්ල නගර සීමාවේ පිහිටි විහාර හන්දිය, උසාවිය හන්දිය, හීන් මොරගොල්ල යන ප්‍රදේශවල ඉඩම් රජයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවක නිරතවුණා.

මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් රජයට පවරාගෙන ඇත්තේ 1982 වසරේදියි.

කෙසේ වෙතත් ඉඩම් පවරා ගත් නමුත් සංවර්ධන කටයුතු සිදු නොකර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.

දඹුල්ලේ පැවති විරෝධතාවය.



ඡායාරූප- දඹුල්ල කාංචන ආරියදාස





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories