පරිසර දුෂණයෙන් සිදුවූ මරණවලින් අඩක් ඉන්දියාවේ සහ චීනයේ

Tuesday, 14 February 2017 - 15:14

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
වායු දුෂණය ප්‍රමුඛ පරිසර දුෂණය හේතුවෙන් 2015 වසරේදී ලෝකයේ සිදුවූ මරණවලින් අඩක් ඉන්දියාවෙන් සහ චීනයෙන් වාර්තාවන බව ඇමරිකානු සෞඛ්‍ය පර්යේෂණ ආයතනයක් ප්‍රකාශ කළා.

එමඟින් පෙන්වා දෙන්නේ 2015 වසරේදී පරිසර දුෂණය නිසා ලෝකයේ මරණ මිලියන 4.2 ක් සිදුවී ඇති අතර, එය මරණවලට හේතු අතරෙන් පස්වැන්න බවයි.

ඉන් මරණ මිලියන 2.2 ක් චීනයෙන් සහ ඉන්දියාවෙන් වාර්තාවන බව සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ඇමරිකානු අධ්‍යයන ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂයෙන් වායු දුෂණය, මිනිසාගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පරීක්ෂාවට ලක් කළ මෙම ආයතනය පෙන්වා දෙන්නේ ලෝක ජනගහණයෙන් සියයට 92 ක්ම සෞඛ්‍යාරක්ෂිත නොවූ වායුන් සහිත පරිසරයක ජීවත්වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories