වැසිකිලි ප්‍රශ්නයක් නිසා දකුණ උණුසුම්

Tuesday, 14 February 2017 - 18:54

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
වැසිකිලි දොරවල් ගැටළුවක් පිළිබඳව සන්ධාන මන්ත්‍රීවරයෙකු ප්‍රශ්න කිරීමත් සමඟ අද දකුණු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර එහිදී පළාත් සභා ලේකම් කේ.එල්.දයානන්දට බැණ වැදී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති වැසිකිලි පද්ධතියේ දොරවල් නොමැතිවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින්.  

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයානන්දගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට අදාළ කටයුතු අවසන් කර ඇතත්, තාක්ෂණ නිලධාරීන්ගේ වාර්තා ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවයි.

මේ අතර අද දකුණු පළාත් සභා රැස්වීමේදි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් සහල් මල්ලක් සහ පොල් බෑයක් සභාවට ගෙනවිත් බඩු ලැයිස්තුවක මිල ගණන් ඉදිරිපත් කිරීමත් සමග සභාව තුළ යළි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

පසුව එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ, චන්න සාලිය මන්ත්‍රීවරයා වෙත සහල් මල්ලක් ලබා දුන් බවද එහි සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories