ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිගැනීමට සූදානම් බව අගමැති කියයි

Wednesday, 15 February 2017 - 13:16

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දීය සාගරයේ ආර්ථික සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා.

ඔහු කියා සිටියේ දෙරට අතර ආර්ථික, දේශපාලන සහ සමාජීය සබදතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹීමට ක්‍රියා කරන බවයි.  

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදීයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි ගියේ පසුගිය සදුදායි.

ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය, සංහිදියාව ඇති කරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබීම සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවැයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

එමෙන්ම සැම විටම ශ්‍රී ලංකාවට සහය ලබාදිමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මීට අමතරව නීති විරෝධී සංක්‍රමණයන්ට සහ මිනිස් ජාවාරම්වලට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාතවරයා ප්‍රකාශ කර ඇත්තේ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් තුල අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ ස්තූතිය පළ කරන බවයි.

කෘෂි ව්‍යාපාර, බලශක්ති, සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා වැඩි කිරීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දෙරටේ රාජ්‍ය නායකයින් අදහස් හුවමාරු කර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් යලි පිළිගැනීමට සූදානම් බවයි.  

එමෙන්ම යළි  ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නීතිමය ක්‍රියාමාර්ගවලින් නිදහස් කිරීමටද සූදානම් බවද ඔහු කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් කියා සිටියේ දෙරට අතර අතීතයේ සිටි මේ දක්වා ක්ෂේත්‍ර ගණනාවක් තුළ ඉතා මිත්‍රශීලිව සහ අවබෝධයෙන් ක්‍රියා කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ප්‍රතිවාදීන්ව ක්‍රියා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පමණක් බවද ඔහු එහිදී කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories