තමිල්නාඩු නව මහ ඇමති දිවුරුම් දෙයි

Thursday, 16 February 2017 - 16:58

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවයරා ලෙසට ඊ පලනි ස්වාමි දිවුරුම් දී තිබෙනවා.

ප්‍රාන්ත ආණ්ඩුකාර සී විද්‍යාසාගර් රාඕ විසිනුයි නව මහ ඇමතිවරයා පත්කර ඇත්තේ.

ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ මහලේකම් සෂිකලා නටරාජන්ගේ සමීපතමයකු ලෙසට ද පලනි ස්වාමි සැලකෙනවා.

ආණ්ඩුකාරවරයා මහ ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ දින 15 ක් ඇතුලතදී පක්ෂයේ බහුතර බලය පෙන්විය යුතු බවයි.

සෂිකලා නටරාජන්ට සිර දඩුවම් නියමවීමෙන් අනතුරුවයි ඇය විසින් කේ පලනිස්වාමි පක්ෂ නායකයා ලෙසට පත්කරනු ලැබුවේ.

තමිල්නාඩුවේ පාලක පක්ෂය වන ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය මේවන විට දැඩි අර්බුධයකට ලක්වී ඇත්තේ සෂිකලාගේ සිරගත වීම හේතුවෙන්.

සෂිකලා අධිකරණයට භාරවීමට පෙර ජයලලිතා විසින් පක්ෂයෙන් නෙරපනු ලැබු දෙදෙනෙකුට ද පක්ෂ සාමාජිකත්වය ලබාදී  තිබු බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories