බැඳුම්කර වංචා ගැන සොයන ජනපති කොමිසම සාක්ෂි විමසීම අරඹයි

Friday, 17 February 2017 - 7:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම එළඹෙන 21 වනදා සිට සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ - 12 අධිකරණ මාවතේ පිහිටි කාර්යාලයක මෙම සාක්ෂි විමසීම සිදුකිරීමට නියමිතයි.

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනපති කොමිසම පසුගිය 6 වනදා ප්‍රථම වරට රැස් වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලූපිල්ලේ යන අය මෙහි සාමාජිකයින් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories