නීතිවිරෝධී ලෙස නවසීලන්තය බලා යාමට තැත් කළ 8 දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

Friday, 17 February 2017 - 7:54

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට සැරසුණු පුද්ගලයින් 8 දෙනෙකු මීගමුව - කදිරාන ප්‍රදේශයේදී පොලිසිය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව, මාරවිල, කල්මුණේ සහ මුනේතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් කටාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණු බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 23 ත් 42 ත් අතර වයස්වල පසුවන අයයි.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories