බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයි

Friday, 17 February 2017 - 7:57

%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%8A%E0%B6%A9%E0%B7%91%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බැග්ඩෑඩයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයක් අසලයි මෙම පිපිරීම සිදුවී ඇත්තේ.

අයි.එස් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන තිබෙනවා.

මෙය දින 3 ක් තුල බැග්ඩෑඩයේ සිදුවූ තුන්වන බෝම්බ ප්‍රහාරයයි. පසුගිය අගහරුවාදා සහ බදාදා පිපිරීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories