පර්යේෂකයන් පිරිසක් මැමත් අලි නැවත බිහිකිරීමට සැරසෙයි (ඡායාරූප)

Friday, 17 February 2017 - 11:04

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් වසර දහස් ගාණනකට පෙර සිටි මැමත් අලි නැවත බිහි කිරීමට හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වසර 4500ක් පමණ පැරණි සයිබීරියාවේ frozen නම් අයිස් තට්ටුවක ඇති DNA අධ්‍යයනය කිරීම මඟින්.

ඔවුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළදී වුවද මෙම පර්යේෂණය සිදු කර අවසන් කළ හැකි බවයි.

2015 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මඟින් මැමත් අලින්ගේ පැරණි කළල අධ්‍යයනයකින් අනතුරුව දැවැන්ත අලි 15ක් සහ සාමාන්‍ය අලි 45ක් පමණ අධ්‍යයනයකර මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේනමුත් මේ වනවිට පර්යේෂකයින්ට ගැටළුවක් වී තිබෙන්නේ මැමත් අලි බිහි කිරීමෙන් පසු ඔවුන්ට සුදුසු පරිසරයක් මිහිපිට නොමැතිවීමයි.

ඒ හේතුවෙන් මැමත් අලි බිහි කිරීමෙන් පසු ඔවුන් කෙටි කාලයකින් මියයනු ඇති බවයි පර්යේෂකයින්ගේ මතය වී තිබෙන්නේ.

මෙම මැමත් සත්වයන්ගේ DNA, නිවැරදිව ශරීර ලක්ෂණ සමග එක්වුවහොත් පමණක් පර්යේෂණය සාර්ථක වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories