අද කොළඹට එන මහජනතාවට සහ රියදුරන්ට පොලිසියෙන් ඉල්ලීමක්

Friday, 17 February 2017 - 11:54

%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද දහවල් 12 සිට පස්වරු 3 පමණ දක්වා ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා.

අද දහවල් සරසවි සිසුන් වාහන පෙළපාලි කිහිපයකින් කොළඹ නගරයට පැමිණීමට නියමිතවීම මීට හේතුවයි.

එබැවින් එම කාල සීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

පස්වරු 3 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්වීමට නියමිත බැවින් කොටුව / ඕල්කට් මාවත / ලෝටස් පාර / මරදාන පාර සහ අලුත්කඩේ ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ පවතිනවා.

ඒ හේතුවෙන් මහජනතාව සහ රියදුරන් මෙම මාර්ග මගහැර ගමන් කිරීමට කටයුතු කල යුතු බවයි පොලිසිය සඳහන් කලේ.

එමෙන්ම හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට සහය වන ලෙසට ද පොලිසිය ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories