සාගතයෙන් මිලියන 20 ක් ජනතාව මියයාමේ අවදානමක්

Friday, 17 February 2017 - 12:39

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලෝකයේ සාගත උවදුරු 4 ක් හේතුවෙන් ඉදිරි මාස 6 තුළ මිලියන 20 ක් ජනතාව මියයාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩපිළිවෙල ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අරිෆ් හුසේන් ජිනිවා නුවරදී සඳහන් කළේ දරුණු නියඟයකින් නැගෙනහිර අප්‍රිකාවේ කෘෂි ආර්ථිකය විනාශ වීම ද ඊට එක් හේතුවක් බවයි.

යේමනය, ඊසාන දිග නයිජීරියාව සහ දකුණු සුඩානයේ යුද ගැටුම් එහි සාගත ඇතිවීමට හේතුවී තිබෙනවා.

21 වන සියවසේ ලෝකවාසීන් මෙවැනි දරුණු සාගතයකට ගොදුරු වීම අපේක්ෂා කළ නොහැකි කරුණක් බවත් ලෝක ආහාර වැඩපිළිවෙලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අරිෆ් හුසේන් අවධාරණය කළා.

නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බුරුන්ඩි, මාලි, නයිජර් ආදී රටවල් මෙන්ම සෝමාලියාවේ ද දැඩි ආහාර අර්බුදයක් දැනටමත් පැන නැගී ඇති බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories