මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යුද හමුදා මේජර්වරයෙකු සහ සෙබලුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළ කීත් නොයාර් 2008 වසරේ මැයි මස 22 වන දා රාත්‍රී 10.30ට පමණ කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ සේවය නිමවා නැවත නිවස බලා යාමෙන් අනතුරුවයි.
ඔහුගේ වාහනය නිවස ඉදිරිපිට නවතා තිබුණ ද ඔහු නිවසට නොපැමිණීම නිසා පසුදින අලුයම කීත් නොයාර්ගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
කෙසේ නමුත් ඔහු ඊට පසුදින අලුයම නිවස අසළට ගෙන ගොස් දමා තිබූ අතර, ඔහු පහරදීමකට ලක්වී සිටි බවටයි වාර්තා වූයේ.

Follow US
Most Viewed Stories