Update :- පිටකොටුවේ ගින්න තවදුරටත්

Saturday, 18 February 2017 - 12:01

Update+%3A-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
පිටකොටුව, පළවන හරස් වීදියේ වෙළඳසැලක අද පෙරවරුවේ හට ගත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට ගිනි නිවීමේ රථ 9ක් ඒ සඳහා යොදවා ඇති බවයි.

මහල් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පළමුව ගින්න හට ගත් අතර, එහි සෙල්ලම් බඩු සහ ප්ලාස්ටික් බඩු ගබඩා කර ඇති බැවින් ගින්න පාලනය කිරීමට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අවට ගොඩනැගිලි කිසිවකට ගින්න ව්‍යාප්ත වීම වළක්වා තිබෙනවා.



Update- Saturday, February 18, 2017 01.39pm
-------------------------------------------------------------

පිටකොටුව, පළවන හරස් වීදියේ පිහිටි වෙළදසැලක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

සෙල්ලම් බඩු තොග වශයෙන් අලෙවි කරන වෙළද සැලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ 04ක් යෙදවූ බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories