වී.කේ. ශෂිකලා විසින් සිරගතවීමට පෙර පත් කර ගන්නා ලද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් තමිල්නාඩු ප්රාන්ත සභාවට අද ඉදිරිපත් කෙරුණා.
හිටපු මහඇමති ඕ. පන්නීර් සෙල්වම් ඇතුළු කණ්ඩායමක් ඔවුන්ට විරුද්ධව අදහස් පළ කළ අතර, විපක්ෂ ඩී.එම්.කේ. නියෝජිතයන් ද කියා සිටියේ මෙම ඡන්ද විමසීම කල් තැබිය යුතු බවයි.
එමෙන්ම රහසිගත ඡන්දයක් ඔවුන් ඉල්ලා සිටි අතර කථානායකවරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කර තිබෙනවා.
එම අවස්ථාවේදී ප්රචණ්ඩකාරී ලෙස හැසිරුණු මන්ත්රීවරුන් කථානායකවරයාගේ ඉදිරිපස මේසය සහ මයික්රෆෝනය ද බිද දමා තිබෙනවා.
ප්රාන්ත සභාවේ මෙම ගාලගෝට්ටිය හමුවේ කථානායකවරයා ඉවත්ව ගොස් ඇත්තේ ඡන්දය විමසීම පස්වරුවට කල් තබමින්.

Follow US
Most Viewed Stories